මිනුවන්ගොඩ කොරෝනා පොකුරේ ආරම්භය ගැන හමුදාපති පැවසු දේ

Share

මිනුවන්ගොඩ කොරෝනා පොකුර නිර්මාණය වූ ඇඟලුම්හල වෙත විදේශිකයින් 60 දෙනෙකු මත්තල ගුවන් තොටුපල හරහා මෙරටට ගෙන ආ බව ඊයේ(07) සමාජ මාධ්‍ය ජාලා තුල දැඩි ආන්දෝලනාත්මක කරුණක් වූ අතර මේ පිළිබඳව අද උදෑසන මාධ්‍ය වෙත අදහස් දක්වමින් හමුදාපති ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ 60ක් නොව 48ක් එලෙස මත්තල ගුවන්තොටුපල හරහා මෙරටට පැමිණ තිබෙන බවයි.

 

මිනුවන්ගොඩ ඇඟලුම් කාර්මාන්ත ශාලාව ආශ්‍රීතව හඳුනාගත් කොවිඩ් නයින්ටීන් පොකුර විදෙස් රටකින් පැමිණි පුද්ගලයෙකු හෝ පිරිසකගේ අතපසුවීමක් තුළින් බිහිවන්නට ඇති බවත් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ මෙරට සමාජය තුළ සිටි කොවිඩ් නයින්ටීන් රෝගියෙකුගෙන් අදාළ කර්මාන්ත ශාලාවේ පුද්ගලයෙකුට වෛරසය ආසාදනය වීමට කිසිදු හැකියාවක් නොමැති බවයි.

එමෙන්ම අදාළ ආයතනයේ ඉල්ලීම පරිදි කොස්ගොඩ ප්‍රදේශයේ පෞද්ගලික හෝටලයක ඔවුන්ව නිරෝධායනය කල බව හමුදාපතිවරයා සඳහන් කළේය.

එම පිරිස යුධ හමුදාවේ ආරක්ෂාව යටතේ දින 14ක් නිරෝධායනය වූ බව ඉතා වගකීමෙන් පවසන බව හමුදාපතිවරයා පැවසීය.

Read more

Local News