මෙරට කොරෝනා රෝගීන් ගණන 4628 දක්වා ඉහළට

Share

කොරෝනා රෝගීන්ගේ ආශ්‍රිතයින් කඩිනමින් PCR පරික්ෂණ සඳහා යොමු කිරීම අවශ්‍ය නොවන බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේය.

 

යම් පුද්ගලයෙකුට වෛරසය ශරීරගත වී ඇත්නම් එය හඳුනා ගැනීම සිදුකළ හැක්කේ දින 02ත් 10ත් අතර කාලයේදී බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසීය.

ඊයේ(10) දිනයේ මිනුවන්ගොඩ පොකුරෙන් හඳුනාගත් නව ආසාදිතයින්ට අමතරව විදෙස් ගතව පැමිණි දෙදෙනෙක් ද කොරෝනා ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ නිරෝධායනය වෙමින් සිටි ශ්‍රී ලාංකික මුහුදු ආරක්ෂකයින් දෙදෙනෙකු එළෙස කොවිඩ් -19 ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති බවයි.

ඒ අනුව මේ වනවිට මෙරට කොවිඩ් -19 සමස්ත රෝගීන් සංඛ්‍යාව 4628 දක්වා ඉහළ ගොස් තිබේ.

ඉන් රෝගීන් 3306 දෙනෙකු පුර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර රෝගීන් 1309 දෙනෙකු රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටින බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

Read more

Local News