තැපෑල සහ දුරකථනය ඔස්සේ ජනාධිපති කාර්යාලය සමඟ සම්බන්ධවීමට ජනතාවට අවස්ථාව

Share

කොවිඩ් – 19 මර්දනය සඳහා සෞඛ්‍ය අංශ ලබාදී ඇති උපදෙස් හා නිර්දේශ අනුව මහජනතාවට ජනාධිපති කාර්යාලයට පැමිණිමේදීත් කාර්යාලය තුළ අවම නිලධාරීන් පිරිසක් සේවා සැපයීමේදීත් සිදුවිය හැකි අපහසුතා සැලකිල්ලට ගෙන තැපෑල සහ දුරකථන ඔස්සේ කෙරෙන මහජන ඉල්ලීම්වලට ප්‍රතිචාර දැක්වීමට සූදානම් කර තිබෙන බව ජනාධාපති මාධ්‍ය අංශය දන්වා ඇත.

 

ඒ අනුව ජනාධිපති කාර්යාලයේ මහජන සම්බන්ධතා අංශය, ඔම්බුඩ්ස්මන් කාර්යාලය සහ ජනාධිපති අරමුදලට පහත අංක ඔස්සේ සම්බන්ධ වීමට හැකි බව දන්වා තිබේ.

ජනාධිපති මහජන සම්බන්ධතා අංශය – 0114354550/ 0112354550, Fax 011 2348855

ඔම්බුඩ්ස්මන් කාර්යාලය – 0112338073

ජනාධිපති අරමුදල – 0112354354 (දිගුව 4800/4814/4815/4818), Fax 011 2331243

Read more

Local News