දකුණ සංවර්ධනය කිරීමේ ප්‍රධාන සැලැසුම් මාර්තු මාසයේ දී

Share

දක්ෂිණ සංවර්ධනය පිළිබද සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (07) දින අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.

ඒහිදී අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ, දකුණ සංවර්ධනය කිරීමේ ප්‍රධාන සැලැස්ම පිළිබදව අද අපි සාකච්ඡා කළා එම ප්‍රධාන සැලැස්ම මාර්තු මාසයේ එළිදැක්වීමට ද බලාපොරොත්තු වෙනවා. මූලික වශයෙන් දකුණු සංවර්ධනයේ පරමාර්ථය වන්නේ කර්මාන්තකරණයයි.

ඒ අනුව දකුණ, හම්බන්තොට, රුහුණ යන ප්‍රදේශවල කොළඹට දෙවැනි වන විශාල කර්මාන්තකරණයක් ඇති කිරීමට සැලසුම් කරනවා. ඒ නිසා කොළඹ, ගම්පහ, කළුතර කර්මාන්තකරණය සමඟ දකුණු කර්මාන්තකරණය තුලින් ශ්‍රී ලංකාවේ අපනයන නිෂ්පාදනය වැඩිකිරීම මෙහිදී සිදුවෙනවා.

දෙවනුව අපනයන ආර්ථිකය සදහා ගාල්ල සහ මාතර ප්‍රදේශයේ විශාල සංචාරක කලාප ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා. අක්කර 1000, අක්කර 500 ආදී වශයෙන් මාලදිවයිනේ දූපත්වලටත් වඩා විශාල සංචාරක කලාප ඉදි වෙනවා. මෙයට වරාය, ගුවන්තොටුපල, විදුලිබලාගාර, තෙල් පිරිපහදුව ආදී සියල්ල ද ඇතුලත් වෙනවා. මෙම දකුණු සංවර්ධන වැඩපිළිවෙලට සිංහරාජ සංවර්ධන වැඩසටහනද ඇතුලත් වෙනවා යැයි ද අගමැති සඳහන් කළේය.

 

 

Read more

Local News