ගිනිගත් නිව් ඩයමන්ඩ් නෞකාවේ කපිතාන්ට එරෙහි නඩුව හෙට

Share

ගිනි ගැනීමට ලක් වූ නිව් ඩයමන්ඩ් නෞකාවේ කපිතාන්වරයාට එරෙහිව ගොනුකර ඇති නඩුව හෙට(14) කොළඹ මහාධිකරණය හමුවේ කැඳවීමට නියමකර ඇත.

 

අදාළ නෞකාවේ කපිතාන්වරයා වන ග්‍රීක ජාතික තිරෝස් හිල්යාස් නමැත්තා වෙනුවෙන් ඔහුගේ නීතිඥවරු ඉදිරිපත් කළ මෝසමකට අනුව මෙම නඩුව හෙට මහාධිකරණය හමුවේ කැඳවීමට නියමිතය.

ශ්‍රී ලංකාවට ආසන්න මුහුදු තීරයේ ගිනි ගැනීමට ලක්වූ නිව් ඩයමන්ඩ් නෞකාවේ කපිතාන්වරයාට එරෙහිව නීතිපතිවරයා ඉකුත්දා සමුද්‍ර දූෂණ වැළැක්වීමේ පනත යටතේ කොළඹ මහාධිකරණය හමුවේ මෙම නඩුව ගොනුකළේය.

Read more

Local News