බෙල්ලන්විල විමලරතන ස්වාමීන් වහන්සේගේ ආදාහන පූජෝත්සවය අද

Share

අපවත්වී වදාළ අතිපූජ්‍ය මහාචාර්ය බෙල්ලන්විල විමලරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ආදාහන පූජෝත්සවය අද (8) සිදු කිරීමට නියමිතයි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති වශයෙන් උන්වහන්සේ කටයුතු කළ අතර ආදාහන පූජෝත්සවය රාජ්‍ය අනුග්‍රහය සහිතව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

අතිපුජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමියෝ සංඝ පීතෘවරයකු ලෙස ශ්‍රී ලාංකික ජනතාවගේ උන්නතිය වෙනුවෙන් මඟ කියා දෙමින් යුග මෙහෙවරක් මෙහෙවරක් ඉටු කළහ.

අධ්‍යාපනික වශයෙන් ද සුවිසල් මෙහෙවරක නිරත වූ හිමිනමක් වන අතර උන් වහන්සේ බෞද්ධ දර්ශනයෙන් සාමය හා සංහිඳියාව ගොඩනැගීම සඳහා නිරන්තරයෙන් කැප වූ අතර ශ්‍රී ලංකාවේ පමණක් නොව ජාත්‍යන්තරයේ ද මහත් ගෞරවයට පත්‍ර ව සිටියහ.

Read more

Local News