හෙරොයින් ළඟ තබාගත් තිදෙනෙකුට නියම වූ දඬුවම

Share

හෙරොයින් මත්කුඩු සන්තකයේ තබා ගෙන ජාවාරම් කිරීම සම්බන්ධයෙන් වෙන් වෙන්ව පවරා තිබූ නඩු තුනක විත්තිකරුවන් තුන්දෙනෙකුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කර තිබේ.

 

කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා විසින් දීර්ඝ විභාගයකින් පසුව මෙම සිරදඬුවම් නියම කර තිබේ.

ඒ අනුව හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 6.68 ක් සන්තකයේ තබා ගෙන ජාවාරම් කිරීම සම්බන්ධයෙන් බොරැල්ල ප්‍රදේශයේ පදිංචි ඒ. ඩබ්ලිව්. මනෝජ් නැමැත්තෙකුට විනිසුරුවරයා විසින් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කර තිබේ.

ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වූ දෙවන විත්තිකරු වන්නේ ටී.ආර්.එච්. කරුණාරත්න නමැත්තෙකි.

මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචි මුනියන්ඩි උපුල් චමින්ද හෙවත් කොණ්ඩ චමින්ද නැමැත්තෙකුට ද ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වී තිබේ.

Read more

Local News