රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් අනතුරු ඇඟවීමක්

Share

කොරෝනා වෛරසය සම්බන්ධයෙන් නිසි තක්සේරුවක් සිදුනොකළහොත් ඉදිරියේදී රටම වසා දැමීමේ අවදානම් සහිත තත්ත්වයක් උද්ගත වනු ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවයි.

එම සංගමය සඳහන් කළේ වර්තමානයේ කොවිඩ් ආසාදිතයින් හඳුනාගැනෙන ප්‍රදේශ සිතියම්ගත කර එම ප්‍රදේශ වසා දැමීමට අවශ්‍ය පියවර ගත යුතු බවයි.

මේ දක්වාත් වසංගත රෝග විද්‍යා අංශය ඒ සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග ගෙන නොමැති බව කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේ කොවිඩ් නයින්ටීන් වෛරසය තවමත් සමාජ ව්‍යාප්තියක් දක්වා පැතිර ගොස් නොමැති බවය.

Read more

Local News