ජාතික විගණන පනත් කෙටුම්පත සඳහා නීතිපති අනුමැතිය

Share

ජාතික විගණන පනත් කෙටුම්පත සඳහා නීතිපති අනුමැතිය ලැබී තිබෙන අතර නීතිපති අනුමැතිය ලද පනත් කෙටුම්පත අමාත්‍ය මණ්ඩලය වෙත කඩිනමින් ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙසට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ උපදෙස් ලබා දී ඇත.

මෙම ජාතික විගණන පනත හරහා ජාතික විගණන කොමිෂන් සභාව ස්ථාපිත කෙරෙන අතර, විගණන කටයුතු වේගවත්ව හා වඩා විධිමත්ව සිදු කිරීම එහි මූලික අරමුණක් වෙයි.

එසේම මෙතෙක් විගණන කටයුතු සම්බන්ධව එක් පුද්ගලයෙකු සතුව තිබූ බලතල විගණකාධිපතිවරයා ඇතුළු මණ්ඩලයක් වෙත බෙදී යාමක් මේ හරහා සිදුවන බවත්, එහිදී විගණන කටයුතුවල මෙන්ම රාජ්‍ය මුදල් භාවිතයේද විනිවිදභාවය වඩා තහවුරු කිරීම හා රාජ්‍ය මුදල් අවභාවිත වීම වැළැක්වීම සඳහා නව නීති හඳුන්වාදෙනු ඇති බවත් සඳහන් වෙයි.

Read more

Local News