මැතිවරණ පැමිණිලි 610ක් හා මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් 183ක්

Share

2017.12.09දින සිට මේ දක්වා මැතිවරණ පැමිණිලි 610ක් හා මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් 183ක් වාර්තා වී ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
ඒ අනුව මැතිවරණ නීති උල්ලංඝනය කිරීම්වලට අදාළව අත්අඩංගුවට පත් සැකකරුවන් ගණන 363ක් වන අතර ඒ අතර අපේක්ෂක‍යින් 36දෙනෙකු ද වෙයි. මැතිවරණ පැමිණිලිවලට අදාළව සැකකරුවන් 136ක් අත්අඩංගුවට ගෙන ඇති අතර මැතිවරණ අපේක්ෂකයන් 25දෙනෙකු ද වෙයි.
එමෙන් ම පසුගිය පැය 24ක කාලය තුළ මැතිවරණ පැමිණිලි 43ක් ලැබී ඇති අතර සැකකරුවන් එක් අයෙකුද මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් 06ක් වාර්තා වී ඇති අතර ඒ සම්බන්ධයෙන් පුද්ගලයන් 07දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

Read more

Local News