රන්ජන්ට එරෙහි නඩුව නොවැම්බර් 06ට කල් දැමේ

Share

අධිකරණයට අපහාස කළේ යැයි හිටපු අමාත්‍ය රංජන් රාමනායක මහතාට එරෙහිව ඉදිරිපත් කර ඇති පැමිණිල්ලක් නොවැම්බර් මස 06 වන දා යළි කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

 

මෙම පැමිණිල්ල අද (21) සිසිර ද ආබෲ, විජිත් මළල්ගොඩ සහ ප්‍රීති පද්මන් සූරසේන යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

මෙම පැමිණිල්ලට අදාළ සාක්ෂි මෙහෙයවීම සහ වාචික දේශන ඉදිරිපත් කිරීම මේ වන විට අවසන් කර ඇති අතර නඩු විභාගයේ දී මතුවන ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා එය අද දින කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කර තිබුණි.

එහෙත් වගඋත්තරකාර රංජන් රාමනායක මහතා වෙනුවෙ පෙනී සිටින ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්තිරන් මහතා අද දින පාර්ලිමේන්තු රැස්වීම් වලට සහභාගී වන හෙයින් මෙම නඩුවේ ඉදිරි කරුණු දැක්වීම සඳහා දිනයක් ලබාදෙන ලෙස ඉල්ලා තිබේ.

ඒ අනුව මෙම පැමිණිල්ල නොවැම්බර් මස 6 වනදා කැඳවීමට අධිකරණය නියම කළේය.

Read more

Local News