බැංකු පොලීයේ වෙනසක් නෑ : ශ්‍රී ලංකා මහ බැංකුව

Share

ශ්‍රී ලංකා මහ බැංකුව සිය ලිහිල් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය වෙනස් නොවෙන පවත්වාගෙන යෑමට තීරණය කර තිබේ.

 

මේ වසර තුලදී අවස්ථා 05 කදී බැංකු පොලී අනුපාත අඩු කර තිබෙන බවත් බැංකු පොලී අඩු කිරීම තුළින් වාණිජ බැංකු අතර කෙරන ගනුදෙනුවලට අදාළ පොලී අනුපාත පහළ වැටෙන බවත් එම නිසා අඩු පොලියට ණය නිකුත් කිරිමට වාණිජ බැංකුවලට අවස්ථාව සැලසෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව වැඩි දුරටත් සදහන් කළේය.

ලිහිල් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය අඛණ්ඩව පවත්වාගෙන යෑම හේතුවෙන් දැනට පවත්නා අඩු උද්ධමන තත්වය තුළ ද ආර්ථිකයේ ඵලඳායී අංශ වෙත අඩු පොලී යටතේ ණය ලබාදීමට හැකියාව තිබෙන බවත් මහ බැංකුව විසින් නිකුත් කල නිවේදනයේ වෙයි.

Read more

Local News