ඉන්දියාවේ කොරෝනා රෝගීන් ගණන තරමක් පහළට

Share

ඉකුත් සැප්තැම්බර් මාසයට සාපෙක්ෂව ඉන්දියාවේ වාර්තාවන දෛනික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මේ වනවිට පහළ යමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

ඒ අනුව ගතවු පැය 24 තුළ එරටින් කොවිඩ් -19 ආසාදිතයින් 50, 224 දෙනෙකු හඳුනාගෙන තිබේ.

පසුගිය සැප්තැම්බර් 16වන දා දක්වා ඉන්දියාවෙන් දෛනිකව කොවිඩ් -19 ආසාදිතයන් ලක්ෂයකට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වු බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබු අතර ඔක්තෝබර් 05වැනිදා සිට එරට දෛනිකව වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ක්‍රමයෙන් පහළ අගයක් ගන්නා බව ඉන්දීය සෞඛ්‍ය අංශ පෙන්වා දී තිබේ.

මේ වනවිට ඉන්දියාවේ සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් ගණන 7,863,892ක් වන අතර මරණ 118, 567ක් සිදුව ඇති බව වාර්තා වෙයි.

Read more

Local News