වැසි තත්ත්වයේ අඩුවක් හෙට

Share

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ දිවයිනේ පවතින වැසි තත්වය හෙට (10) දිනයේදී අඩුවේ යැයි බලාපොරොත්තු වන බවයි.

නමුත් කළුතර, රත්නපුර ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක සවස 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව පවතී.

බස්නාහිර, සබරගමුව, දකුණු සහ මධ්‍යම පළාත්වල සමහර ප්‍රදේශවල උදය කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැක.

Read more

Local News