ආනයනික උම්බලකඩ, මාළු, කරවල බදු ඉහළට

Share

දේශීය ධීවර කර්මාන්තය ආරක්ෂා කිරීමේ අරමුණින් ආනයනික මාළු,කරවල හා උම්බලකඩ සඳහාවන බදු ඉහළ නංවා තිබේ.

 

 

ආනයනික කරවල කිලෝ ග්‍රෑමයක් සඳහා රුපියල් 127 ක් හා උම්බලකඩ කිලෝ ග්‍රෑමයක් සඳහා රුපියල් 302 ක බද්දක් පනවා ඇති බව ධීවර අමාත්‍යාංශයේ ලේකම් ඉන්දු රත්නායක මහත්මිය සඳහන් කළාය.

පසුගිය 27 වැනිදා සිට ක්‍රියාත්මකවන පරිදි ඉහළ නංවා ඇති මෙම බදු ප්‍රතිශතයන් අනුව ආනයනික මාළු කිලෝ ග්‍රෑමයක් මත අය කරන බද්ද රුපියල් 200 කි.

මේ දිනවල මෙරට ඉහළ මාළු අස්වැන්නක් ලැබෙන බවත් ඒ අනුව කරවල හා උම්බලකඩ නිෂ්පාදනය ද ඉහළ යමින් ඇති බව ඉන්දු රත්නායක මහත්මිය වැඩ්දුරටත් ප්‍රකාශ කළාය.

Read more

Local News