බස්නාහිර පළාතේ ඇඳිරිනීතිය ලබන සඳුදා ඉවත් වෙයිද ?

Share

දැනට පනවා තිබෙන බස්නාහිර පළාතේ නිරෝධායන ඇඳිරිනීතිය ලබන 09 වන සඳුදා උදෑසන 5.00 වනවිට ඉවත් කිරීමට කෙසේ හෝ පියවර ගන්නා ලෙස තමන් ඇතුළු කාර්ය මණ්ඩලයට ජනාධිපතිවරයා උපදෙස් දුන් බව යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කළේය.

 

ඒ මහතා මේ බව පැවසුවේ මාධ්‍ය වෙත අදහස් දක්වම්න්ය.

වැඩ්දුරටත් අදහස් දැක්වූ යුධ හමුදාපතිවරයා “මේ දින 10ක් එක දිගට නිරෝධායන ඇඳිරිනීතිය යොදවලා බලාපොරොත්තු වුණේ වැඩිම ජන ඝනත්වයක් තියෙන බස්නාහිර පළාතේ පුද්ගලයෙක් අතරින් පුද්ගලයෙකුට මේ වෛරසය ව්‍යාප්තවීම අවම කිරීමට. මේ දින 10 තුළ කෙසේ හෝ කරගත යුතු PCR පරීක්ෂණ කරගෙන මේ පැතිරීම වළක්වා ගන්න සියලු ක්‍රියාමාර්ග ගන්න කියලා ජනාධිපතිතුමා අපිට උපදෙස් දුන්නා. ඒ අනුව 09 වැනි සඳුදා උදෑසන 5.00වන විට බස්නාහිර පළාත විවෘත කිරීමට අවශ්‍ය කටයුතු කරන්න කියලා අපිට උපදෙස් දුන්නා. ජනාධිපතිතුමා කිසිසේත් බලාපොරොත්තුවක් නෑ ඉන් ඉදිරියටත් මේක රැගෙන යන්න. ඒ නිසා මේ දින 10 අපි උපරීම ප්‍රයෝජනයට අරගෙන ඒ කටයුතු සිදුකරනවා. ” යනුවෙන් පැවසීය.

ඒ මහතා වැඩ්දුරටත් පැවසුවේ සියලු ජනතාව උපරිම සෞඛ්‍ය උපදෙස් පිලිපැදිය යුතු බවයි.

Read more

Local News