ණයගත් ව්‍යාපාරිකයින්ට ශ්‍රී ලංකා මහ බැංකුවෙන් දැනුම් දීමක්

Share

රට තුල පවතින කොරෝනා වෛරසය හේතුවෙන් බලපෑමට ලක්වූ ව්‍යාපාර සහ පුද්ගලයන් වෙත ලබා දී තිබූ ණය සහන කාලය තවදුරටත් දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබේ.

 

ඒ අනුව ඔක්තෝබර් මස 1 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි තවත් මාස හයකට එම සහන කාලය දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන අතර ණය සහන කාලය සඳහා ඉල්ලුම් කළයුතු අවසාන දිනය මේ මස 25 වැනිදා බව ශ්‍රී ලංකා මහ බැංකුව සදහන් කළේය.

මෙම වසංගතය හේතුවෙන් පීඩාවට පත් ව්‍යාපාරිකයන්ට සහන සැලසීමේ අරමුණින් මේ තීරණය ගෙන තිබෙන අතර කොවිඩ් දෙවන රැල්ල හේතුවෙන් බලපෑමට ලක් වූ ව්‍යාපාර සහ පුද්ගලයින් වෙත ලබා දී තිබූ ණය සහන කාලය පසුගිය ඔක්තෝබර් 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි තවත් මාස 06 ක කාලයකින් දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන ඇත.

ශ්‍රී ලංකා මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන් මහතාගේ අත්සනින් යුතුව මේ සම්බන්ධයෙන් චක්‍රලේඛයක් නිකුත්කර තිබෙන අතර ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී වාණිජ බැංකු, බලපත්‍රලාභී විශේෂිත බැංකු, බලපත්‍රලාභී මූල්‍ය සමාගම් සහ විශේෂිත ලීසිං සමාගම් වෙත චක්‍රලේඛයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව මේ බව දැනුම් දී තිබේ.

Read more

Local News