රෝහල් ගතවීමට විශේෂ ගිලන් රථ සේවාවක්

Share

කොළඹ හෝ ආසන්න හුදකලා කර ඇති ප්‍රදේශයක රෝහල් ගතවීමකට අවශ්‍ය පුද්ගලයෙකුට ඒ සඳහා ගිලන් රථ සේවාවක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සදහන් කළේය.

 

මාධ්‍ය වෙත අදහස් දක්වම්න් ඒ මහතා මේ බව පැවසීය.

“යම් රෝහල් ගත වීමක් සඳහා ගිලන් රථයක් අවශ්‍ය නම් ඒ සඳහා ගිලන් රථ සේවාවක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. එහි දුරකතන අංකය 011 3422558. කොළඹ හෝ ආසන්න ප්‍රදේශයක ඇති හුදෙකලා කර ඇති ප්‍රදේශයක පුද්ගලයෙකුට එම ගිලන් රථ සේවාවේ සේවය ලබා ගැනීමට පුළුවන්” අජිත් රෝහණ මහතා වැඩ්දුරටත් ප්‍රකාශ කළේය.

Read more

Local News