හුදකලා තත්ත්වය ඉවත් කරන ප්‍රදේශ

Share

රට තුල පවතින කොරෝනා වෙෙරස තත්ත්වය හේතුවෙන් හු‌දකලා ප්‍රදේශ වශයෙන් නම් කර තිබූ කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුරුණෑගල මහ නගර සභා සීමාව සහ කුලියාපිටිය පොලිස් වසම ද හුදකලා තත්ත්වයෙන් ඉවත් කළ බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය දැනුම් දී තිබේ.

 

මීට අමතරව කළුතර දිස්ත්‍රික්කයේ හොරණ, ඉංගිරිය සහ වෑකඩ බටහිර ග්‍රාම නිලධාරී වසම් ද අද(15) අලුයම 5 .00 සිට හුදකලා තත්ත්වයෙන් මුදා හැරී බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සදහන් කළේය.

කෑගල්ල දිස්ත්‍රික්කයේ රුවන්වැල්ල සහ මාවනැල්ල පොලිස් වසම් ද හුදකලා තත්ත්වයෙන් මුදා හැරී බව
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.

අද(15) දිනයේ මධ්‍යම රාත්‍රියේ සිට බස්නාහිර පළාතෙන් පිටතට පුද්ගල සංචරණය සම්බන්ධයෙන් පනවා ඇති තහනම ඉවත් කරන බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය දැනුම් දි තිබේ.

Read more

Local News