පාකිස්තානයේ සුප්‍රකට මානව හිමිකම් ක්‍රියාකාරිනි අස්මාගේ වියෝව මානව ප්‍රජාවටම පාඩුවක්

Share

පාකිස්තානයේ සුප්‍රකට මානව හිමිකම් ක්‍රියාකාරිනි අස්මා ජහන්ගිර්ගේ වියෝව සමස්ත මානව ප්‍රජාවටම ඉමහත් පාඩුවක් බව එක්සත් ජාතීන්ගේ මහ ලේකම් අන්ටෝනියෝ ගුටෙරස් පවසයි. ඔහු එසේ සඳහන් කළේ ඇයගේ හදිසි මරණය පිළිබඳ සිය හෘදයාංගම ශෝකය ප්‍රකාශ කරමිනි. යුක්තිය සහ සමානාත්මතාවය වෙනුවෙන් ඇයගේ ධෛර්යය මහ ලේකම්වරයාගේ දැඩි ප්‍රශංසාවට ලක් ව තිබේ.

නීතිඥවරියක වන 66 හැවිරිදි අස්මා ජහන්ගිර් පාකිස්තානයේ මානව හිමිකම් කොමිසමේ නිර්මාතෘ වන අතර මානව හිමිකම් පිළිබඳ ඉරානයේ, එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකාරිනිය ලෙස ද සේවය කළාය.

ජනතාවගේ හිමිකම් වෙනුවෙන් ඇය කිසි විටෙකත් වෙහෙසකාරී බවක් නොමැති බව ද ගෘහස්ථ අධිකරණ පද්ධතිය තුළ පාකිස්තානයේ නීතිඥවරියක ලෙස ගෝලීය සමාජ ක්‍රියාකාරිණියක ලෙස මෙන්ම විශේෂ සම්බන්ධීකාරිණියක ලෙස ඇයගේ සේව විශිෂ්ට බව ඔහු අවධාරණය කරයි. ඇය ප්‍රතිපත්ති ගරුක, ධෛර්යමත් මෙන්ම කරුණාවන්ත කාන්තාවක් බව මහා ලේකම්වරයා වැඩිදුරටත් පවසයි.

Read more

Local News