දූෂණය, නාස්තියට එරෙහි පුළුල් ජනතා වැඩසටහනක් – ජනපති

Share

දූෂණය, අල්ලස, වංචාව, අක‍්‍රමිකතා සහ නාස්තියට එරෙහි පුළුල් ජනතා වැඩසටහනක් අරඹන බවට ජනාධිපතිතුමා ලබා දුන් ප‍්‍රතිඥාව අනුව ඒ සඳහා මානවවාදී සියලු ජනතාවගේ අදහස්, යෝජනා සහ කි‍්‍රයාකාරි සහභාගිත්වය ලබාගැනීම ආරම්භ කර තිබේ.

ජනාධිපති කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් සිදුකෙරෙන මෙම වැඩසටහන පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් අද (13) පෙරවරුවේ රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැත්විණි.

සෞභග්‍යමත් නව යුගයක් කරා රට ගෙන යන බලවේගයක් ලෙස දූෂණය, අල්ලස, වංචාව සහ අක‍්‍රමිකතාවයට එරෙහිව පුළුල් දේශපාලන සහ සමාජ සංස්කෘතියක් ගොඩනැගීම, පරිපාලන පද්ධතිය බල ගැන්වීම සහ ශක්තිමත් කිරීම, නීති පද්ධති සහ නීති පසිඳලීමේ ආයතන විධිමත් කිරීම මෙම වැඩසටහන යටතේ සිදු කෙරේ.

දූෂණය, වංචාව, නාස්තිය, අල්ලස සහ අක‍්‍රමිකතා දුරලා රට සුවපත් කරන මහා ජනපවුරේ එක් ස්ථම්භයක් ලෙස මෙම ජාතික වැඩසටහනට එක්වන ලෙස සියලු දෙනාට ආරාධනා කෙරෙන අතර, මේ පිළිබඳ තම වටිනා අදහස් හා යෝජනා 2018 මාර්තු 01 වන දිනට ප‍්‍රථම, නාස්තිය සහ දූෂණයට එරෙහි ජාතික වැඩසටහන, ජනාධිපති කාර්යාලය කොළඹ 01, ලිපිනයට යොමුකරන මෙන් ඉල්ලා සිටී.

 

Read more

Local News