පළාත් කිහිපයකට සවස 2.00න් පසු වැසි හෝ ගිගිරුම් සහිත වැසි

Share

උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල සහ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සිහින් වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මධ්‍යම සහ සබරගමුව පළාත් වල සහ අනුරාධපුර, ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක සවස 2.00න් පසු වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වීමට හැකියාවක් පවතී.

උතුරු, උතුරුමැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට හමන තරමක් තදසුළං බලාපොරොත්තු වේ.

බස්නාහිර, සබරගමුව, දකුණු සහ මධ්‍යම පළාත්වල සමහර ප්‍රදේශවල උදය කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි බවද නිකුත් කළ කාලගුණ අනාවැකියේ දැක්වෙයි.

Read more

Local News