ඊයේ වැඩිම කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව කොළඹින්

Share

ඊයේ(18) දිනය තුළ මෙරටින් කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 327 දෙනෙකු හඳුනාගෙන තිබුණි.

ඉන් දේශියව පුද්ගලයින් 325ක් සහ විදේශය රටවල සිට මෙරටට පැම්ණි විදේශිය මුහුදු ආරක්ෂකයින් 02 දෙනෙකු ලෙස වාර්තා වෙයි.

ඊයේ දිනයේ හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 157ක් බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් කොවිඩ් ආසාදිතයන් 111ක් සහ රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 06ක් වශයෙන් හඳුනාගෙන තිබේ.

අද(19) උදෑසන වන විට මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සහ කොළඹ මාළු වෙළදපලට සම්බන්ධ පොකුරෙන් වාර්තා වූ කොවිඩ් 19 වෙෙරසය ආසාදිත සම්පුර්ණ පුද්ගලයින් ගණන 14889 ක්වේ. ඉන් පුද්ගලයින් 9162 ක් මේ වන විට පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබේ.

මිනුවන්ගොඩ ඇඟලුම් කම්හල් පොකුරෙන් – 3059

පෑලියගොඩ මාළු වෙළෙඳපොළ පොකුරෙන් – 11830

මේ වන විට මෙරටින් වාර්තා වන සමස්ථ කොවිඩ් නයින්ටීන් මරණ සංඛ්‍යාව 69 දක්වා ඉහළ ගොස් ඇත.

Read more

Local News