ශ්‍රී ලංකා – බංග්ලාදේශ විස්සයි20 තරගාවලියට කුසල් ජනිත් ක්‍රිඩා නොකරයි

Share

ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර අැත්තේ බංග්ලාදේශයට එරෙහිව හෙට (15) ආරම්භ වන තරග 2කින් සමන්විත විස්සයි20 තරගාවලියට ශ්‍රී ලංකා පිලේ ප්‍රහාරාත්මක පිතිකරු කුසල් ජනිත් පෙරේරා ක්‍රීඩා නොකරන බවයි.

බංග්ලාදේශ තුන්කොන් එක්දින තරගාවලියේ සිම්බාබ්වේ පිල සමග පැවැති දෙවැනි තරඟය අතරතුර පාදයේ ආබාධයකට ලක්වී සිටින කුසල් ජනිත් පෙරේරාට තව දුරටත් විවේකය අවශ්‍යවී ඇති බැවින් මේ තරගාවලියෙන් ඉවත් කිරීමට වෛද්‍ය උපදෙස් ලැබී තිබේ.

කුසල් ජනිත් වෙනුවට කුසල් මෙන්ඩිස් ක්‍රීඩා කිරීමට නියමිතය.

Read more

Local News