පළාත් පාලන මැතිවරණය රජය වෙනස් කිරීමේ මැතිවරණයක් නොවෙයි – රාජිත සේනාරත්න මහතා

Share

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න අමාත්‍යවරයා මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් පවසා අැත්තේ මෙවර පැවැත් වූ පළාත් පාලන මැතිවරණය රජය වෙනස් කිරීමේ මැතිවරණයක් නොවන බවයි.

2015 ජනාධිපතිවරණයේ දී ලබාදුන් පොරොන්දු ඉටු කරමින් රජය කටයුතු කළ යුතුයි. එහිදී දුෂිතයින්ට දඩුවම් ලබාදිම ඉතා වැදගත් වෙයි. තීන්දු තීරණවලට එළඹ ප්‍රතිඵල කඩිනමින් ජනතාවට ලබාදිය යුතුයි. පසුගිය වසර 03 තුළ ඩොලර් බිලියන 1.5 ක අයෝජන රජයට ලැබී ඇත. පසුගිය රජය විසින් ලබාගත් ණය මේ වනවිට රජය ගෙවමින් පවතී.

සමස්ත ඡන්ද ප්‍රතිඵලය ගත්විට රජය පරාජයට පත් වී නැත. මෙම මැතිවරණ ප්‍රතිඵල ජනතාවට පැහැදිලි කර දිය යුතුය. ජනතාවගේ මානසිකත්වය ආරක්ෂා කර ගත යුතුය. නිවැරදි තත්ත්වය පහදා දිය යුතු යැයි ද අමාත්‍යවරයා පවසයි.

Read more

Local News