කැලණිවැලි දුම්රිය මාර්ගය 16දා සිට 19 දක්වා වසා තබයි

Share

අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරි විජය සමරසිංහ මහතා ප්‍රකාශ කළේ කැලණිවැලි දුම්රිය මාර්ගය ලබන 16දා රාත්‍රී 8.00 සිට 19දා පෙරවරු 4.00 දක්වා සම්පූර්ණයෙන් ම වසා තැබෙන බවයි.
ඒ අනුව මෙම මාර්ගය සෙනසුරාදා සහ ඉරිදා යන දෙදින තුළ සියලු ම දුම්රිය ගමන් සිදු නොකෙරෙනු ඇත.
දුම්රිය මාර්ගයේ යටිතල පහසුකම් ඇතුළු අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු සිදු නොකරන බවත් ඒ සම්බන්ධයෙන් මහජනතාවට සිදුවන අපහසුතාවය පිළිබඳ ව දුම්රිය දෙපාර්තමේන්තුව සිය කණගාටුව ද ප්‍රකාශ කරන සිටින බවද ඒ මහතා පැවසීය.

Read more

Local News