පාර්ලිමේන්තු සභාව අද රැස්වෙයි

පාර්ලිමේන්තු සභාව අද සවස 4.00 ට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වීමට නියමිතව තිබේ.

 

අභියාචනාධිකරණයේ ඇතිවී තිබෙන පුරප්පාඩු සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් සිදු කර තිබෙන නාම යෝජනා සහ පොලිස්පති තනතුර සඳහා සිදු කර ඇති පත්කිරීම් පරික්ෂාවට ලක්කිරීම එහිදී සිදු කෙරෙන අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද සහ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් යන මහත්වරු පාර්ලිමේන්තු සභාව නියෝජනය කරනු ලැබේ.