මැතිවරණයෙන් ජයග්‍රහණය කළ අපේක්ෂකයන් ලබන සතියේ ගැසට් කෙරේ

Share

පළාත්පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කළ අපේක්ෂකයන්ගේ නාමලේඛනය ලබන සතියේදී ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමට කටයුතු සිදුකරන බව මැතිවරණ කොමිසම පවසයි.

අදාළ නාමලේඛන සකස් කිරීමේ කටයුතු ඉදිරි දිනවලදී ආරම්භ කර ඇති බව ද සදහන් වෙයි.

මේ අතර සමානුපාතික ක්‍රමයට ලැබුණු ආසනවලට සුදුසු මන්ත්‍රීවරුන් පත් කරගත යුතු බව පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පෙන්වා දෙයි.

Read more

Local News