බාල වයස්කරුවන්ට ලැඟුම්හල්වල කාමර පහසුකම් ලබාදීමෙන් වළකින්න

Share

බාල වයස්කරුවන්ට ලැඟුම්හල්වල කාමර පහසුකම් ලබාදීමෙන් වළකින ලෙස, ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සියලු ලැඟුම්හල් හිමියන්ගෙන් ඉල්ලා සිටී.
දිවයින පුරා කාමර පහසුකම් ලබාදෙන ස්ථාන දක්නට ලැබෙන අතර, ඇතැම් ස්ථාන ආශ්‍රිතව බාල වයස්කරුවන් ලිංගික කටයුතුවලට යොදා ගන්නා බවට විවිධ මතවාද සමාජය තුළ දක්නට ලැබේ. විශේෂයෙන් අඩුවයස් ළමයින් ඇති කර ගන්නා වූ ප්‍රේම සම්බන්ධතා හේතුවෙන් පෙබරවාරි 14 දා හා සති අන්ත දිනවලදී ඔවුන් මෙවැනි ස්ථාන කරා පිවිසෙන බවට ද සමාජය තුළ දක්නට ලැබෙන තවත් මතයකි.
විශේෂයෙන් වැඩිහිටි පුද්ගලයන් විසින් බාලවයස්කාර ළමයින් ලිංගික කාරණා සඳහා පොළඹවාගෙන මෙවැනි ස්ථාන වෙත පිවිසිය හැකි බැවින්, තමන් විසින් නවාතැන් පහසුකම් ලබාදෙන්නා වූ ස්ත්‍රීපුරුෂ දෙපාර්ශවයේම ජාතික හැඳුනුම්පත් පරීක්ෂා කර බැලීමට ලැඟුම්හල් හිමියන් සිය අවධානය යොමු කළ යුතු වේ. ජාතික ළමා ආරක්ෂක අධිකාරිය මෙවැනි ස්ථාන පරීක්ෂා කිරීමේ වැඩසටහනක්ද මේ වන විට ආරම්භ කර ඇත.
එමෙන්ම මෙලෙස බාල වයස්කරුවන්ට ලිංගික කාරණා සඳහා අවස්ථා ලබාදෙන ලැඟුම්හල් පිළිබඳව, ළඟම ඇති පොලිස් ස්ථානය හෝ 1929 ශ්‍රී ලංකා ළමා දුරකථන සේවය අමතා ජාතික ළමා ආරක්ෂක අධිකාරිය දැනුවත් කරන මෙන් සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටී.

Read more

Local News