කොවිඩ් නිසා මියයන අයගේ ආදාහන කටයුතු ඥාතීන්ගේ වියදම්න්

Share

කොරෝනා වෛරසය වැළඳීමෙන් මියයන පුද්ගලයින්ගේ දේහ පිළිබඳ අවසන් කටයුතු සඳහා වැය වන මුදල ඔවුන්ගේ ඥාතීන් දැරිය යුතු බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කළාය.

 

 

සෞඛ්‍ය අමාත්‍යවරිය මේ බව පැවසුවේ අද පාර්ලිමේන්තුවේදී විපක්ෂයෙන් නැගුණු ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

රජය මගින් ඒ සඳහා මුදල් වැය නොකරන බව පැවසූ අමාත්‍යවරිය පෙන්වා දුන්නේ ඒ සඳහා වියදම් දැරීමට අපහසු අය වෙනුවෙන් පරිත්‍යාගශීලීන්ගේ දායකත්වය ලබා ගැනීමට සහය විය හැකි බවයි.

Read more

Local News