රාමඤ්ඤ මහ නිකායේ අභිනව මහානායක මකුලෑවේ විමල නාහිමි කොටුගොඩ ධම්මාවාස නාහිමියන් බැහැදකී

Share

පසුගිය (25) වැනිදා  ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහානායක කොටුගොඩ ධම්මාවාස නාහිමියන්ගේ සුවදුක් විමසා ආශීර්වාද ලබා ගැනීමට ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අභිනව මහානායක මිනීඔළුව විද්‍යාවාස පිරිවෙන් විහාරාධිපති මකුලෑවේ විමල නාහිමියන් ගල්කිස්ස ශ්‍රී ධර්පාලාරාම විහාරස්ථානය වෙත පැමිණියහ.

 

මෙහිදී අභිනව නාහිමියන් වෙත ශ්‍රී ලංකා අමරපුර මහා නිකාය විසින් ශ්‍රී ගෞරවනාම ප්‍රදානයක්ද සිදු කෙරිණි. ‍

මේ අවස්ථාවට අමරපුර නිකායාරක්ෂක කාරක සංඝසභික හාපිටිගම අස්සජී හිමියන්,සංඝසභා ලේකම් මහාචාර්ය පල්ලේකන්දේ රතනසාර නාහිමි, බම්බලපිටිය ශී වජිරාරාම විහාරාධිපති ත්‍රිකුණාමලයේ ආනන්ද නාහිමි , ඇතුළු සංඝරත්නය සමඟ , අමරපුර නිකායාභිවෘර්ධි දායක සභාවේ සභාපති හා රාමඤ්ඤ නිකායාරක්ෂක සභාව උප සභාපති අජිත් ද සොයිසා මහතා , අමරපුර නිකායාරක්ෂක සභා භාණ්ඩාගාරික හා ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකාය උපසභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේසරලාල් ගූණසේකර, අමරපූර නිකායාරක්ෂක සභාවේ ලේකම් හා ජනාධිපති විශේෂ ව්‍යාපෘති අධ්‍යක්ෂ ආර්.ඒ.ඩී.සිරිසේන මහත්වරුන් ඇතුළු සාමාජික පිරිසක් මේ අවස්ථාවට සහභාගි වී සිටියහ.

Read more

Local News