බන්ධනාගාර රැඳවියන් පිරිසකට ජනපති පොදු සමාව

Share

බන්ධනාගාරගත රැඳවියන් 600 දෙනෙකුට පමණ ජනපති පොදු සමාව ලබා දීමට තීරණය කර තිබේ.

 

බරපතල වැරදි සම්බන්ධයෙන් බන්ධනාගාරගත රැඳවියන් කිසිවෙකුට ජනපති පොදු සමාව හිමි නොවන බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා සදහන් කළේය.

නිදහස හිමිවිය යුතු බන්ධනාගාරගත රැඳවියන්ගේ නාම ලේඛන කඩිනමින් මූලස්ථානය වෙත යොමු කරන්නැයි, සියලු බන්ධනාගාර වෙත දැනුම් දුන් බවත් ඉදිරි දින දෙක තුළ හඳුනා ගෙන ඇති රැඳවියන්ට ජනපති පොදු සමාව ලබා දීමට පියවර ගන්නා බවත් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කළේ ය.

කොවිඩ් ආසාදිතයින් හඳුනා ගෙන ඇති බන්ධනාගාරවල ඇප මත මුදා හැරෙන හෝ නිදහස ලබන රැඳවියන් දින 14 ක නිරෝධායනයෙන් පසු නිවෙස් වෙත පිටත් කර හැරීමට තීරණය කර තිබේ.

 

Read more

Local News