Home දේශීය පුවත් හෙරොයින් ජාවාරම්කරුවෙකුට ජීවිතාන්තය තෙක් සිරදඬුවම්

හෙරොයින් ජාවාරම්කරුවෙකුට ජීවිතාන්තය තෙක් සිරදඬුවම්

0
හෙරොයින් ජාවාරම්කරුවෙකුට ජීවිතාන්තය තෙක් සිරදඬුවම්

හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 11.05 ක් සන්තකයේ තබා ගෙන ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු විත්තිකරුවෙකුට කොළඹ මහාධිකරණය මගින් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කර තිබේ.

 

කොළඹ මහාධිකරණයේ පූර්වගාමී විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතා විසින් එම දඬුවම ප්‍රකාශයට පත් කළේය.

57 හැවිරිදි පුද්ගලයෙකුට මෙලෙස දඬුවම් නියම වු අතර, 2015 වසරේ ජුනි මස 10 වනදා කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් එම විත්තිකරු හෙරෝයින් මත්කුඩු ග්‍රෑම් 11.05 ක් සමඟ කොළඹදී අත්අඩංගුවට ගෙන තිබුණි.

පසුව හෙරොයින් මත්කුඩු සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීම යන චෝදනා යටතේ ඔහුට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ නඩුවක් ගොනු කළේය.

නඩුව දීර්ඝ ලෙස විභාග කළ විනිසුරුවරයා විත්තිකරුට එරෙහිව එල්ල කර තිබෙන මත්කුඩු ජාවාරම් කිරීමේ හා සන්තකයේ තබා ගැනීමේ චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී තිබෙන බව තීන්දු කළේය.

ඉන් අනතුරුව විත්තිකරුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කෙරුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here