Home දේශීය පුවත් සමගි ජනබලවේගයෙන් නිවේදනයක්

සමගි ජනබලවේගයෙන් නිවේදනයක්

0
සමගි ජනබලවේගයෙන් නිවේදනයක්

දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිෂන් සභා වාර්තාව- සමගි ජනබලවේගය නඩු මගට දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිෂන් සභා වාර්තාව පසුගියදා ජනාධිපති වරයාට ඉදිරිපත් කළ බව මාධ්ය වාර්තා කරන ලදී.

 

එකී වාර්තාවෙහි අඩංගු නිර්දේශ ක්රියාත්මක කිරීමට ජනාධිපති වරයා විසින් කැබිනට් පත්රිකාවක් ඉදිපත් කර අනුමැතිය ලබාගෙන ඇත.

එමෙන්ම එම වාර්තාවේ නිර්දේශ සම්බන්ධයෙන් වැඩිදුර අධ්යනය කර අවශ්ය නිර්දේශ මාස තුනක් තුල ලබා දීමට දෙවන විශේෂ ජනාධිපති කොමිසමක්ද ගැසට් මගින් පත්කර ඇත.එම වාර්තාවේ කරුණු අනුව ඒ නිර්දේශවල මෙම පාර්ලිමේන්තුවේ තේරීපත්ව සිටින මන්ත්රීවරු කිහිප දෙනෙකුගේ ප්රජා අයිතිය අහිමි කිරීම වැනි බරපතල නිර්දේශ අඩංගු අතර එම ජනාධිපති කොමිසමේ වාර්තාවේ නිර්දේශ සමස්ත අධිකරණ පද්ධතිය හා සමාජයම ව්යාකූලත්වයට පත්කරන සුළුය.

මෙය හුදෙක් අන්තනෝමතික දේශපාලන පලිගැනීමේ ක්රියාවලියක් වෙනුවෙන් ගොඩනැගූ වාර්තාවක් බවත් ඒ හරහා ආණ්ඩුවට තර්ජනයක් වන චරිත නිහඩ කිරීමට සහ ඔවුන්ගේ ප්රජා හා දේශපාලන අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමට ගනු ලබන බියගුලු වැඩපිළිවෙළක් බවත් අප විශ්වාස කරමු.

මේ තත්ත්වය තුල ගතයුතු ක්රියාමාර්ග පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතාගේ ප්රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායක සාකච්ඡාවක් ද පවත්වනු ලැබීය. එහිදී විශේෂ තීන්දු කිහිපයක් ගත් අතර ඒ අනුව, මෙම ක්රියාවලියට එරෙහිව ගත හැකි සියලු ප්රජාතන්ත්රවාදී සහ නීතිමය ක්රියාමාර්ග ගැනීමටත්, මේ අත්තනෝමතික ක්රියාවලිය පිළිබඳව සමස්ත ජනතාව දැනුවත්කොට එය පරාජය කිරීමටත් සමගි ජනබලවේගය තීන්දු කරනු ලැබීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here