කොළඹ ඇතුළු ප්‍රදේශ රැසකට අද පෙරවරු 8.00 සිට පැය 16ක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසයි.
ඒ අනුව කොළඹ, දෙහිවල-ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල, මහරගම, බොරලැස්ගමුව, කොලොන්නාව, කොටිකාවත්ත, මුල්ලේරියාව හා රත්මලාන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇති.
ලංකා විදුලිබල මණ්ඩලයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුතක් ජල සැපයුම අත්හිටුවීමට හේතු වී තිබේ.
මේ අතර වාද්දුව ඇතුළු ප්‍රදේශ කිහිපයකට හෙට පෙරවරු 8.30 සිට රාත්‍රී 7.00 දක්වා ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසයි.
ඒ අනුව වාද්දුව, වස්කඩුව, පොතුපිටිය, කළුතර උතුර සහ දකුණ, කටුකුරුන්ද නාගොඩ, බෙන්තොට, බෝම්බුවල පිලමිනාවත්ත, පයාගල, මග්ගොන, බේරුවල, අලුත්ගම දර්ගා නගරය සහ කළුවාමෝදර / මොරගොල්ල ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇති.
විදුලිබල මණ්ඩලයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් ජල සැපයුම අත්හිටුවීමට හේතු වී ඇතැයි ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය පැවසීය.