කිමිදුම්කරුවන්ගේ ගැටළු සදහා කඩිනම් විසදුම්

Share

කිමිදුම්කරුවන්ගේ ගැටළු සදහා කඩිනම් විසදුම් ලබා දීමට ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා කටයුතු කරයි.

 

ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා හා සමස්ත ලංකා කිමිදුම්කරුවන්ගේ සංගමයේ නියෝජිතයන් සමග විශේෂ සාකච්ඡාවක් ධීවර අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

මෙහිදී රාත්‍රීකාලයේ කිමිඳුම් රැකියාවේ යෙදෙන්නන්ට පනවා ඇති තහනම් නීති ඉවත් කිරීමට අවශ්‍ය කටයුතු සිදු කර දෙන මෙන් මෙම සංගමයේ නියෝජිතයන් අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කරන ලදි. සාමාන්‍යයෙන් රාත්‍රි කාලයේදී පමණක් මුහුදු කූඩැල්ලන් වර්ගයන් හා පොකිරිස්සන් හා තාරා මාළු මතුවන බවත් ඔවුන් ඇල්ලීමට රාත්‍රී කාලයේ කිමිදුම් කටයුතු සිදුකල යුතු බවත් ඒ සදහා පනවා ඇති නීති හේතුවෙන් කර්මාන්තයේ නියැලීමට හැකියාවක් නොමැති තත්වයක් උදා වී ඇති බව පෙන්වා දෙන ලද අතර මෙම රැකියාවේ යෙදෙන අයට එමගින් අසාධාරණයක් සිදු වී ඇති බවද පෙන්වා දෙන ලදි.

මුහුදු කූඩැල්ලන් කිලෝ 01කට රු20000ක් හා පොකිරිස්සන් කිලෝ 01කට රු8000ක් පමණ අදායමක් තමන්ට හිමි වන බවත් පනවා ඇති නීති හේතුවෙන් තමන්ගේ ආදායම් තත්වය අහිමිවන වන අතරම මේ නිසා රටට ගලා එන විදේශ විනිමය ද අහිමි වන බවද පෙන්වා දෙන ලදි.

පසුගිය එක්සත් ජාතික පක්ෂ රජයේ ධීවර අමාත්‍යවරයා ලෙස කටයුතු කල පී. හැරිසන් මහතා 2019 මාර්තු මස 22වන දින අති විශේෂ ගැසට් පත්‍රය මගින් රාත්‍රී කාලයේ කිමිදුම් රැකියාව කිරීමට නොහැකි වන ලෙස නීති පැනවු බව ද, ඉන්දීය ටෝලර් යාත්‍රා විශාල වශයෙන් පැමිණ ධීවර කටයුතු වල යෙදීම නිසා මුහුදු සම්පත විශාල වශයෙන් විනාශ වීම වැලැක්වීම සදහා මෙම නීති පැන වු බවද ඔවුන් විසින් ප්‍රකාශ කර ඇති. එසේ නීති පැනවුවත් ඉන්දීය ටෝලර් මගින් සිදුකරන නීතිවිරෝධී ධීවර කටයුතු නැවැත්වීමට නොහැකි වී ඇති අතර එයින් සිදුවුයේ ශ්‍රී ලංකාවේ කිමිදුම්කරුවන්ගේ ආදායම අහිමි වීම පමණක් බව පෙන්වා දුන්නේය.

මෙම අයගේ ගැටළු පිළිබද ඉතා ඕනෑකම්න් සවන් දුන් අමාත්‍යවරයා මෙම ගැටළු වලට ඉක්මන් විසදුම් ලබා දෙන බවට පොරොන්දු වු අතර අදාල නිලධාරීන් සමග දුරකථන මාර්ගයෙන් සාකච්ඡා කොට කිමිදුම්කරුවන්ගේ සංගමයේ නියෝජිතයන් හට සෘජුව එම නිලධාරීන් සමග සෘජුවම සාකච්ඡා කිරීමට අවස්ථාව සලසා දෙන ලද අතර එළැඹෙන අගහරුවාදා මේ පිළිබදව අදාල නිළධාරීන් කැදවා මේ සදහා කඩිනම් විසදුම් ලබා දෙන බවද අමාත්‍යවරයා විසින් පැවසීය. මේ අවස්ථාවේ දී කිමිදුම්කරුවන්ගේ සංගමයේ නිලධාරීන් විසින් සිය ස්තුතිය අමාත්‍යවරයා වෙත පල කරන ලදි.

මෙම අවස්ථාවට සමස්ථ ලංකා කිමිදුම්කරුවන්ගේ සංගමයේ සාමාජිකයන්, මුහුදු කූඩැල්ලන් අපනයනය කරන ආයතන වල හිමිකරුවන් ඇතුළු පිරිසක් සහභාගී විය.

Read more

Local News