වසර 70ක් පිරීම නිමිත්තෙන් ශ්රී ලංකා මහ බැංකුව විසින් රුපියල් 20 නව කාසියක් නිකුත් කර තිබේ.
ඊයේ එම නව සමරු සංසරණ කාසිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පිළිගන්වා තිබෙන අතර කාසිය පැති 07ක් සහිත හැඩයකින් යුතුව නිකල් තවරා, වානේවලින් නිෂ්පාදනය කර තිබෙන බව වැඩිදුරටත් වාර්තා වෙයි.