ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අධ්‍යක්ෂ ලෙස ටොම් මූඩි පත් කෙරේ

Share

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ අධ්‍යක්ෂක ලෙස ටොම් මුඩි පත් කර තිබේ.

ඔහුගේ කාර්යභාරය උපදේශන පදනම මත වන අතර ඔහුගේ ගිවිසුම්ගත තෙවසරක කාලය තුළ ඔහුට දින 300 ක ‘අනිවාර්ය පැවරුම’ ඉටු කිරීමට සිදුවනු ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

නව ක්‍රිකට් අධ්‍යක්ෂකවරයාගේ රාජකාරි අතරට අනාගත ක්‍රිකට් තරග සංචාර සම්බන්ධයෙන් විශ්ලේෂණය කිරීම, දේශීය තරඟාවලි ව්‍යුහය සොයා බැලීම, ක්‍රීඩක සුභසාධනය, අධ්‍යාපනය සහ නිපුණතා සංවර්ධනය, පුහුණු සහ සහායක කාර්ය මණ්ඩල ව්‍යුහය සහ ඉහළ කාර්ය සාධනය සහ දත්ත විශ්ලේෂණයන් කෙරෙහි අවධානය යොමු කිරීම ඇතුළත් වේ.

ටොම් මූඩි මීට පෙර ජාතික ක්‍රිකට් කන්ඩායමේ පුහුණුකරු ලෙස සේවය කළ අතර 2007 ලෝක කුසලාන අවසන් තරගය සඳහා කණ්ඩායම රැගෙන ඒමට ද සමත් විය.

Read more

Local News