උත්සව සමයේ පරිභෝජනයට නුසුදුසු සහල් සොයා විශේෂ වැටලීම්

Share

උත්සව සමය වෙනුවෙන් ලබන 28 වැනි දා සිට දීපව්‍යාප්තව විශේෂ වැටලීම් කරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කළේ ය.

මේ අතර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පසුගියදා සිදුකළ වැටලීම් කිහිපයකදී මිනිස් සිරුරට අහිතකර වර්ණක අඩංගු සහල් ඇතුළු ධාන්‍ය වර්ග අලෙවි කිරීමේ ජාවාරමක් ප්‍රදේශ කිහිපයකින් සොයා ගෙන තිබේ.

තවද පොල් තෙල්වලට ද විවිධ රසායන ද්‍රව්‍ය මුසුකර අලෙවි කරන බවට තොරතුරු ලැබී ඇති අතර කළුතර, ගම්පහ, කොළඹ දිස්ත්‍රික්කවල මෙම ජාවාරම දැඩිව ක්‍රියාත්මක වන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පවසයි.

Read more

Local News