Home විදෙස් පුවත් ඉරානයේ ජනාධිපතිවරයා ලෙස දෙවන වරටත් හසන් රවුහානි

ඉරානයේ ජනාධිපතිවරයා ලෙස දෙවන වරටත් හසන් රවුහානි

0
ඉරානයේ ජනාධිපතිවරයා ලෙස දෙවන වරටත් හසන් රවුහානි

ඉරාන ජනාධිපතිවරණය පැවැත්වුණේ පසුගිය මැයි මාසයේදීය. ඉරානයේ ජනාධිපතිවරයා ලෙස දෙවන වරටත් හසන් රවුහානි තේරී පත්වුණා. සිය දෙවන ධුර කාලය වෙනුවෙන් ඔහු යළි දිවුරුම් දෙනු ලැබීය.

ඉරානයේ ටෙහෙරාන් නුවර ඊයේ පැවති දිවුරුම් දීමේ උත්සවයට විශාල පිරිසක් එක්ව සිටි බව වාර්තා වේ. එහිදී ඔහු කියා සිටියේ තම පාලනය යටතේ කිසිවිටෙකත් රට හුදෙකලා කිරීමට ඉඩ නොතබන බවයෙ. නිල වශයෙන් ඔහු වැඩ භාරගනු ලබන්නේ ලබන 05 වනදා පාර්ලිමේන්තුවේදීය. ඒ සඳහා රටවල් 92ක් නියෝජනය කරමින් විශේෂ නියෝජිතයන් පැමිණීමට නියමිතය.

1981 වසරෙන් පසු ඉරාන ජනාධිපතිවරයෙකු දෙවන වරටත් ධුරයට පත්වූ අවස්ථාව මෙය වේ.

අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයට සම්බාධක පනවා පැය 24ක් ගතවීමටත් පෙර ඉරාන ජනාධිපතිවරයා ලෙස රවුහානි දිවුරුම් දීම විශේෂත්වයකි.

66 හැවිරිදි වියෙහි පසුවන හසන් රවුහානි බටහිර රටවල් සමඟ ඉතා සමීපව කටයුතු කිරීමට උත්සාහ දරණ ජනාධිපතිවරයෙකු ලෙසයි විදෙස් මාධ්‍ය හඳුන්වා දී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here