Home දේශීය පුවත් ශ්‍රී ලංකාවේ උද්ගත වෙමින් පවතින මියන්මාර් සරණාගතයන් පිළිබඳව කරුණු පැහැදිළි කෙරේ

ශ්‍රී ලංකාවේ උද්ගත වෙමින් පවතින මියන්මාර් සරණාගතයන් පිළිබඳව කරුණු පැහැදිළි කෙරේ

0
ශ්‍රී ලංකාවේ උද්ගත වෙමින් පවතින මියන්මාර් සරණාගතයන් පිළිබඳව කරුණු පැහැදිළි කෙරේ

අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ ලේකම් ඩී. ස්වර්ණපාල මහතා විසින් මියන්මාරයේ වර්තමාන තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවේ උද්ගත වී ඇති තත්ත්වය පිළිබඳව කරුණු පහැදිළි කිරීමක් සිදු කර තිබේ.

එම නිවේදනය මෙසේ ය..

මියන්මාරයේ වර්තමානයේ ඇතිවී ඇති තත්ත්වය හා රොහින්යා සරණාගතයන් පිළිබඳව අප සමාජය තුළ නොයෙකුත් කණ්ඩායම් විසින් පසුගිය දින කීහිපය තුළ පරස්පර විරෝධී අදහස් දක්වමින් විවිධ ක්‍රියාමාර්ග දියත් කරනු දක්නට ලබුණි.

මේ පිළිබඳව ආගමන හා විගමන විෂය භාර අමාත්‍යාංශය පහත සඳහන් නිවේදනය කිරීමට අදහස් කෙරේ.

මියන්මාරයෙන් පලා යන රොහින්යා මුස්ලිම් ජාතීන් 55ක පිරිසක් 2008 මාර්තු මස 03 දින ශ්‍රී ලංකාවේ නාවික හමුදාව විසින් මුහුදේදී බේරා ගන්නා ලදුව ඔවුන් එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය(UNHRC) වෙත භාර දෙන ලදී. මෙම සරණාගතයින් සියලු දෙනා ම 2012 ජූලි මස දිවයිනෙන් බැහැරව ගොස් ඇත.

නැවත වරක් 2013 පෙබරවාරි මස බෝට්ටු දෙකකින් එක් බෝට්ටුවක 138කුත් අනෙක් බෝට්ටුවේ 32කුත් ලෙස සරණාගතයින් 170 දෙනෙකු මුහුදේදී නාවික හමුදාව විසින් බේරාගෙන එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය(UNHRC) වෙත භාරදෙන ලදී. මොවුන් 2015 නොවැම්බර් මස දිවයිනෙන් පිටත්ව ගොස් ඇත.

ඉන් පසු 2017 අප්‍රේල් මස 30 වන දින ශ්‍රී ලංකාව ආසන්නයේ  අනතුරට පත් යාත්‍රාවක ජීවිත අවදානමකට ලක්ව සිටි ළමුන් 17ක් ද ගැබිණි කාන්තාවක්ද ඇතුළු කාන්තාවන් 07 දෙනෙකු ඇතුළු රොහින්යා වැසියන් 30 දෙනෙකු කලින් වාරවලදී මෙන් ම නවික  හමුදාව විසින් බේරාගෙන ගොඩබිමට රැගෙන යන ලදී.මොවුන් අධිකරණ ක්‍රියාමාර්ගයකින් අනතුරුව (UNHRC) විසින් පෙර පරිදි ම භාරගන්නා ලදී.

මෙම සරණාගතයින් පිළිබඳව කටයුතු කිරීමේ දී රජය විසින් දිගුකලක් තිස්සේ අනුමත නීතිරීති රාමුව තුළ සහ නිශ්චිත ක්‍රියාපටිපාටියකින් බැහැරව කිසිසේත්ම ක්‍රියාකොට නොමැති අතර ඉදිරියේ දී ද කලින් පිළිගත් ක්‍රියාමාර්ග තුළම කටයුතු කරනු ඇත.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here