සියල්කෝට් ව්‍යාපාරික ප්‍රජාවගෙන් ප්‍රියන්ත කුමාර මහතා වෙනුවෙන් ඩොලර් ලක්ෂයක මුදලක්

Share

ප්‍රියන්ත කුමාර මහතා පාකිස්ථානයේ දී ඝාතනයට ලක් වුණා. ඒ ආගමික අන්තවාදීන් කිහිපදෙනෙකුගේ මෙහෙයවීම මතයි. ඝාතනයට ලක්වූ ප්‍රියන්ත කුමාර මහතාගේ දේහය ගණේමුල්ල පොකුණ හංදිය ඒ මහතාගේ නිවසේ තැන්පත් කර තිබෙනවා.

විවිධ දේශපාලන පක්ෂ සාමාජිකයින් සේම ආගමික නායකයින් ද ප්‍රියන්ත කුමාර මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට ඒ මහතාගේ නිවස වෙත ගියා.

අවසන් කටයුතු අද දින සිදු කිරීමට නියමිතයි. ඔහුගේ පවුලේ ඉදිරි කටයුතු සඳහා රුපියල් ලක්ෂ 25ක මුදලක් ලබා දීමට රජය තීරණය කර තිබෙනවා.

ඝාතනය ලක්වූ ප්‍රියන්ත කුමාර මහතාට අමෙරිකන් ඩොලර් ලක්ෂයක වන්දියක් ලබා දීමට සියල්කෝට් ව්‍යාපරිකන් තීරණය කර තිබෙනවා. එසේම ඔහුට හිමි වැටුප් මාසිකව ගෙවීමට එරට රජය තීරණය කර ඇති බවයි වාර්තා වෙන්නේ.

එසේම වර්තමාන ලෝකය ඉල්ලා සිටින්නේ ප්‍රචණ්ඩ අන්තවාදීන් සිය දෙනෙකු නොව, මලික් අද්නන් වැනි නිර්භීත බුද්ධිමත් එක් මිනිසෙකු බවයි අද ජාත්‍යන්තර මතය.

ආගමික අන්තවාදය ප්‍රචණ්ඩත්වය සහ ත්‍රස්තවාදය දක්වා ගමන් කර තිබීම අද ලෝකයම මුහුණ දෙන බරපතල අභියෝගයක්.

එම අභියෝගයට වැඩියෙන්ම මුහුණ දෙන රටක් වනුයේ පාකිස්ථානයයි.

පාකිස්ථානයේ ජනගහණයෙන් සියයට හතලිහකට ලියන්න හෝ කියවන්න හැකියාව නැහැ. ඒකියන්නේ අකුරු දන්නේ නෑ. ආසියාවේ අඩුවෙන්ම ලිවීමේ හා කියවීමේ ප්‍රතිශතයක් ඇති රට පාකිස්ථානයයි.

Read more

Local News