රසායනික පොහොර ආනයනට අවසර දීමටත් රට තුළ ග්ලයිෆොසෙට් තහනම් කිරීමටත් අදාළ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කර තිබෙනවා.
රසායනික පොහොර ආනයනය තහනම් කිරීමට රජය ගත් තීරණය වෙනස් කිරීමට අවසානයේ රජයට සිදු වුණා. ඒ රසායනික පොහොර නොමැතිව වගා කිරීමට නොහැකිව ගොවීන් දිගින් දිගටම අරගල කිරීමේ පසුබිමක් තුළයි.
චීනයෙන් ගෙන ආ කාබනික පොහොරවලත් ක්‍ෂුද්‍ර ජීවීන් සිටි බවට තහවුරු වීමත් සමඟ එම නැවත් ප්‍රතික්ෂේප කිරීමට රජයට සිදු උණා.
කෙසේ වෙතත් ගොවි ජනතාව තවමත් චෝදනා කරන්නේ රජය දුන් කාබනික පොහොර යොදා කුඹුරු අස්වාද්දුව ද ගොයම කහ පැහැ ගැන් වී ඇති බවයි.
අම්පාර උහන කුමාරගම ගොවීන් තවමත් පොහොර නොමැතිව පීඩාවට පත් ව සිටිනවා.
කෙසේ වෙතත් තවමත් තමන්ට අවශ්‍ය රසායනික පොහොර නොමැතිව ගොවීන් පීඩාවට පත්ව සිටිනවා.
මේ අතර කිරිගව පාලනයට යොමු වන දේශීය ආයෝජකයින්ට සහන රැසක් ලබා දීමට තීරණය කර ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා.
ඒ ඊයේ කොළඹ පැවැති වැඩමුළුවකට එක්වෙමින්.



