සති කිහිපයක සිට කොවිඩ් ආසාදිතයින් 700 සීමාව ඉක්මවා වාර්තා වීම සැලකිය යුතු තත්ත්වයක් බව විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා.
එළඹෙන උත්සව සමයේ සාද පැවැත්වීමේදී විමසිල්ලෙන් කටයුතු කළ යුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ.
ඊයේ දිනත් මෙරටින් නව කොරෝනා ආසාදිතයින් 700 සීමාව ඉක්මවා වාර්තා වුණා.



