ඉදිරියේ තිබෙන්නේ උත්සව සමයක්. එම උත්සව සමයේ දී සියලු දෙනා සෞඛ්‍ය ආරක්ෂිතව හැසිරෙන්නේ නැත්නම් අනිසි විපාක විදීමට සිදුවන බව සෞඛ්‍ය අංශ දිගින් දිගටම අවධාරණය කරනවා.
ආසාදිතයින් ඉහල යාම තුළ දෛනික කොවිඩ් මරණ ද ඉහළ යාමට හැකි බවයි සෞඛ්‍ය අංශ අනතුරු අඟවන්නේ.
එසේම එළඹෙන උත්සව සමයේ ක්‍රීඩා ඇතුළු විවිධ ඒකරාශි වීම් සදහා එක්වන්න එපා යැයි වෛද්‍ය පී විජේසූරිය මහතා ඉල්ලා සිටිනවා.



