පාඨලීගේ අලුත් බලවේගයේ ඉදිරි වැඩපිළිවෙල ලබන ජනවාරියේ

Share

ඉදිරි කාලයේ දී රට බංකොලොත් වීමේ විශාල අනතුරක් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසනවා.

සියලු අංශවලින් ඇද වැටෙමින් ඇති රට ගොඩ ගැනීමට පක්ෂ විපක්ෂ සියලු බලවේග සමග එක්ව සේනාංකයක් ස්ථාපිත කරමින් සිටින බවයි මන්ත්‍රීවරයා පවසන්නේ.

තම මූලිකත්වයෙන් ස්ථාපිත කරන එම බලවේගයේ ඉදිරි වැඩපිළිවෙල ලබන වසරේ ජනවාරි මස රට හමුවේ තබන බව ද පාඨලී චම්පික මන්ත්‍රීවරයා ප්‍රකාශ කරනවා.

සියත TV ඔස්සේ ඊයේ (09) රාත්‍රී විකාශය වූ ටර්නින් පොයින්ට් වැඩ සටහනට එක්වෙමිනුයි චම්පික රණවක මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කලේ.

Read more

Local News