ඔමික්‍රෝන් ප්‍රභේදයේම ස්පයික් ප්‍රෝටීනයේ යම් වෙනසක් ඇති වෛරසයක් හදුනා ගැනීමට ඔස්ට්‍රේලියාවේ ක්වින්ස්ලන්ඩ් ප්‍රාන්තයේ වෛරස් විශේෂඥයින් සමත් වී තිබෙනවා.
එය ඔමික්‍රෝන්හි නව විකාතියක් ද යන්න තවම නිශ්චිතව තහවුරු වී නැහැ.
ඔමික්‍රොන් ප්‍රභේදය වායුගෝලය හරහා ව්‍යාප්ත වීමේ වැඩි ස්වභාවයක් පෙන්වන බව බ්‍රිතාන්‍ය පර්යේෂකයින් පවසනවා.
දකුණු අප්‍රිකානු වෛද්‍යවරුන් පවසන්නේ ව්‍යාප්ත වීමේ වේගය වැඩි වුවද අසාධ්‍ය රෝග ලක්ෂණ පෙන්වන රෝගීන් වාර්තා වීම අඩු බවයි. සමහර දකුණු අප්‍රිකාණු වෛද්‍යවරුන් පවසන්නේ ඔමික්‍රෝන් බෝම්බයක් මෙන් පැතිර යන බවයි.



