අනුරාධපුර මැදවච්චිය ප්‍රධාන මාර්ගයේ සුඛෝපභෝගී බස් රථයක් මාර්ගයෙන් ඉවතට ගමන් කිරීම නිසා අනතුරක් සිදුව තිබෙනවා.
දුරකථන කණුවක ගැටීමෙන් මෙම අනතුර සිදු වී ඇති අතර ඉන් පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
බස් රථය කොළඹ සිට යාපනය බලා ගමන් කර ඇති අතර මගීන් 46 දෙනෙකු බස් රථය තුළ ගමන් කර ඇති බවයි වාර්තා වන්නේ.
අනතුරෙන් මිය ගිය පුද්ගලයා කිලිනොච්චිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 22 ක තරුණයෙකු බවයි වාර්තා වන්නේ.



