LPL ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ පළමු තරඟය අද පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සහ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම අතර පැවැත්වෙන මෙම තරගය අද (19) රාත්‍රී 8.30ට හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.
LPL තරගාවලියේ තවත් තරගයක් කලම්බෝ ස්ටාර්ස් කණ්ඩායම සහ දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායම අද (19) සවස 4.00ට පැවැත්වීමට නියමිතයි.