තුර්කි විදේශ කටයුතු ඇමති දිවයිනට

Share

තුර්කි විදේශ කටයුතු අමාත්‍ය Mevlut Cavusoglu මහතා අද නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණියා.

තුර්කි විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යවරයා සමග 13 දෙනෙකුගෙන් සමන්විත දුත පිරිසක් පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

ඔවුන් පිළිගැනීම සදහා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය සහ ශ්‍රී ලංකාවේ තුර්කි තානාපතිවරයා ඇතුළු පිරිසක් ද කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියා.

එක්දින නිල සංචාරය අවසන් කරමින් අද පස්වරුවේ ඔවුන් දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.

Read more

Local News